මධ්‍යස්ථානය ගැන

1970 දශකයේ අග භාගයේ දී මහනුවර මිතුරු කණ්ඩායමක් පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉංජිනේරු බංගලාවට සතියකට දෙවරක් එක්රැස්වී භාවනාවේ යෙදීමට පුරුදු වී සිටියේය. කණ්ඩායම් නායකයා වූයේ 'ලොක්කා' යන හුරතල් නමින් හැඳින්වූ රත්නායක මහතාය. අනෙක් අය අතර එස්.ධම්මික ස්වාමීන්වහන්සේ, ගොඩ්වින් සමරරත්නමහතා, ආචාර්ය්‍ය පරාක්‍රම ප්‍රනාන්දු මහතා, මහාචාර්ය්‍ය ලිලී ද සිල්වා මහතා, පැට් ජයතිලක මහතා සහ මහාචාර්ය විතානච්චි මහතා ද වූහ.

කල්යාමේ දී භාවනාව සඳහාම සකස්වුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ගැන ඔවුහු සාකච්ඡා කළහ. එහෙත් එයට තිබූ ඉඩ කඩ සීමිත විය. 1977 දී විශ්ව විද්‍යාල අධිකාරීහු ඉංජිනේරු බංගලාව වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය හෙයින් අපට ඉවත් වීමට දැනුම් දුන්හ. එවකට නුවර පෙදෙසේ සිටි ධනවත් ව්‍යාපාරිකයෙකු වූ පී. බී අලහකෝන් මහතා සහ එම මැතිනිය භාවනා කණ්ඩායමට එක්වූයේ මේ දැනුම් දීමට ආසන්න කාලයේ දීය. එම කණ්ඩායම එතනින් ඉවත් වන විට අලහකෝන් මහතා ඔවුන් සඳහා ඉඩමක් පරිත්‍යාග කිරීමට පමනක් නොව එහි භාවනා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය වියහියදම් දැරීමටද ඉදිරිපත් විය. ඔහුගේ නොපසුබස්නා උත්සාහය නිසා ඉක්මනින් එය තනා නිම කළ හැකි විය. එය සම්පූර්ණ කළ පසුව එවක ශ්‍රී ලංකාවට පැමිණ සිටි ජැක් කොන්ෆීලඩ් සහ ජෝසප් ගොල්ඩ්ස්ටන් යන දෙදෙනාට පළමුවෙනි භාවනා පන්තිය පැවැත්වීමට ආරාධනා කරන ලදි. විදේශිකයන් ඇතුළු 60 දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් ඒ භාවනා වැඩසටනහට සහභාගි වූහ. ඒ අවදියේ මධ්‍යස්ථානයේ තිබුණේ එක් ශාලාවක් සහ එයට යාබද කුස්සියක් පමණි. මාස 18 ක් පමණ යනතුරු භාවනායෝගීන් භාවනා කළේත් නිදාගත්තේත් ඒ ශාලාව තුළය.

පළමු භාවනා පන්තිය සාර්ථකව නිම කළ පසු නිතිපතා භාවනා පන්ති පැවැත්වීමට තීරණය කරන ලදි. වෙනත් භාවනා ගුරුවරුන් නොසිටි හෙයින් මාසයේ පළමුවෙනි දින සිට දින 10 යේ භාවනා වැඩසටහන් පැවැත්වීමට එස් ධම්මික ස්වාමින්වහන්සේ ඉදිරිපත් වූහ. නිල්ලඹ මධ්‍යස්ථානය භාවනාවට හිතකර වාතාවරණයක් සහිත තැනක් බව කටින් කට පැතිරයාමට වැඩි කලක් ගත නොවීය. 1979 දී රැකියාවෙන් විශ්‍රාම ගත් ගොඩ්වින් සමරරත්න මහතා නිල්ලඹ මධ්‍යස්ථාන කළමනාකරු වශයෙන් කටයුතු කිරීමට පටන් ගත්තේය. මෘදු ගුණ සහිත නිහඬ පුද්ගලයෙකු වූ ගොඩ්වින් සමරරත්න මහතා අනුක්‍රමයෙන් භාවනා ගුරුවරයෙකු බවට පත්විය. ඊළඟ වසර තුළ දී නිල්ලඹ මධ්‍යස්ථානයට ජාත්‍යන්තර කීර්තියක් හිමි වූයේ මූලික වශයෙන් ගොඩ්වින් සමරරත්න මහතාගේ සුවිශේෂ වූ පුද්ගලික ගතිගුණ නිසාය. මධ්‍යස්ථානයට මුහුණ පාන්නට සිදු වූ සුළු බාධක පමණක් නොව බරපතල අවස්ථාත් සිනාමුසු මුහුණින් ඉවසා දරාගෙන එය නොනවත්වා පවත්වාගෙන යාමට ගොඩ්වින් සමරරත්න මහතා සමත් විය. සැබැවින්ම එය දිනෙන් දින දියුණු විය. දැන් ගොඩ්වින් සමරරත්න මහතා වියෝවී දොලොස් වසරක් ගිය පසුව පවා ඔහුගේ නුවනින් හා දයාවෙන් ඵල ප්‍රයෝජන ලබාගත් පුද්ගලයෝ නිල්ලඹ මධ්‍යස්ථානය ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරති. බොහෝ දෙනා තමන්ගේ භාවනාවට නව පණක් ලබාගනු වස් වරින් වර නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට පැමිණෙති.

වැඩසටහන්

ඊළඟ වැඩසටහන


පෝදා සඳහම් වැඩසටහන

නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන භාවනා උපදේශක උපුල් ගමගේ මහතා විසින් මෙහෙයවන පෝය දින වැඩසටහනට zoom තාක්ෂණය ඔස්සේ ඔබටත් සහභාගි විය හැක

ඊළඟ වැඩසටහන


සත්සන්

සාකච්ඡාව සඳහා සජීවීව සහභාගී වීමට ඔබේ නම හා දෛනිකව භාවනා පුහුණුවන කාලය සඳහන් කර +94777804555 ට WhatsApp පණිවිඩයක් එවන්න

ඊළඟ වැඩසටහන


සම්භාවනා

අරුණෝදයට පෙර සමූහ භාවනා පුහුණුවකින් නැවුම්ව හා ප්‍රබෝධයකින් අලුත් දවසක් අරඹන්නට කලණ මිතුරු ඔබට නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයත් සමග එක් වන්නට අවස්ථාවක්. සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 5.00 සිට පෙ.ව. 5.45 දක්වා

ඊළඟ වැඩසටහන


ඊළඟ වැඩසටහන


සුසංහිත

වෛද්‍ය මෙත්සිරි හේරත් මහතා මෙහෙයවන මාසික සංවාදාත්මක වැඩසටහන

ඊළඟ වැඩසටහන


අප ගැන බැතිමතුන් කියූ දේ

බ්ලොග් සටහන්

සදහම් සැඳෑව - නැණ දසුනට තත්පරයක්

නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වර්තමාන භාවනා උපදේශකතුමන් ලෙස කටයුතු කරන උපුල් නිශාන්ත ගමගේ මහතා විසින් සෑම බදාදා දිනකම මෙහෙයවන "සිහිබුද්ධියට හෝරාවක්" වැඩසටහනේ සාරාංශය සියලු දෙනාගේ අවබෝධය පිණිස මෙම බ්ලොග් පිටුවට ඇතුලත් කර ඇත.

Read More

සදහම් සැඳෑව - සිහිබුද්ධිය ට හෝරාවක්

නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වර්තමාන භාවනා උපදේශකතුමන් ලෙස කටයුතු කරන උපුල් නිශාන්ත ගමගේ මහතා විසින් සෑම බදාදා දිනකම මෙහෙයවන "සිහිබුද්ධියට හෝරාවක්" වැඩසටහනේ සාරාංශය සියලු දෙනාගේ අවබෝධය පිණිස මෙම බ්ලොග් පිටුවට ඇතුලත් කර ඇත.

Read More

පැමිණෙන ආකාරය

මධ්‍යස්ථානයට කුලී රථයකින් හෝ මහනුවර සිට බස් රථයකින් ළඟා විය හැකිය. ඔබ කටුනායක සිට බස් රථයෙන් එනවා නම් පේරාදෙණිය ගලහ හන්දියෙන් බැස දෙල්තොට බස් රථයෙන් කාර්යාල හන්දියට පැමිණෙන්න. ඔබ මහනුවර සිට පැමිණෙන්නේ නම් ඔබට ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පළෙන් දෙල්තොට බසයෙන් බැස කාර්යාල හන්දියෙන් බැස ගත හැකිය (මහනුවර සිට කි.මී. 17. බස් රථයෙන් මහනුවර සිට කාර්යාල හන්දියට පැමිණීමට පැය එකහමාරක් පමණ ගත විය හැක). එතැන් සිට මධ්‍යස්ථානයට ළඟා වීමට තේ වතු හරහා විනාඩි 45ක් පමණ (හෝ කුලී රථ/ත්‍රිරෝද රථ ගමනක්) ඉහළට නැඟිය යුතුය.

ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා පමණි. නතරවීමට පැමිණෙන අය කරුණාකර මේ කාලය තුළ පැමිණෙන්න.


අප හා සම්බන්ධ වෙන්න

ඔබේ ගැටළු පහතින් අප වෙත යොමු කරන්න

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

  • මධ්‍යස්ථානයේ ලිපිනය: බෞද්ධ භාවනා මධ්‍යස්ථානය, නිල්ලඹ, ශ්‍රී ලංකාව
  • විද්‍යුත් තැපෑල : upulnilambe@yahoo.com
  • දුරකථනය : +94 77 780 4555

මධ්‍යස්ථානයෙන් ඔබට සපයන දේ

  • කාමර පහසුකම්(තනි හෝ හවුලේ සිටිය හැකි කාමර), නිර්මාංශ ආහාර, ඇද ඇතිරිලි, කොට්ට, සීතලට පෙරවීමට බ්ලැන්කෙට්ටු, ගිනිපෙට්ටි සහ ඉටිපන්දම්(මධ්‍යස්ථානයේ විදුලිය නැත)

ඔබ රැගෙන ආ යුතු දේ

  • ශීත දේශගුනයට අවශ්‍ය ඇදුම්, විදුලි පන්දමක්, කුඩයක්, එලාමය සහිත ඔරලෝසුවක්

නේවාසික භාවනාවට අයදුම් කිරීම

  • කරුණාකර පැමිණීමට සති දෙකකට ප්‍රථම අයදුම්පත සම්පූර්ණ කර අප වෙත එවන්න.

කාර්යාලීය වේලාවන්

  • ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා පමණි.
    නතරවීමට පැමිණෙන අය කරුණාකර මේ කාලය තුළ පැමිණෙන්න.