උපුල් නිශාන්ත ගමගේ මහතා

වත්මන් නේවාසික භාවනා ගුරුතුමන් වන උපුල් නිශාන්ත ගමගේ මහතා විවිධ පසුබිම්වලින් පැමිණි දහස් ගණනකට භාවනාව ප්‍රගුණ කිරීමට මග පෙන්වමිත් සිටිනවා. එතුමා භාවනාව ආරම්භ කළේ 1977 වසරේ දී වයස අවුරුදු 13 වැනි කාලයක සිට. එකල ඔහු තම දෙමාපියන්ගේ නිවස අසල පිහිටි බෞද්ධ විහාරස්ථානයක තරුණ සමිතියක් පිහිටුවීමට මූලිකව එම සංගමයේ ලේකම්වරයා ලෙස බොහෝ කටයුතුවලට සම්බන්ධ වන අතරතුරේ 80 දශකයේ අගභාගයේදී, නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් සඳහා යමෙකුගේ සහාය අත්‍යවශ්‍ය වූ අවස්ථාවක, එතුමන් ගොඩ්වින් සමරරත්න මහතාට උදව් කිරීමට ඔහු ඉදිරිපත් වී ඇත.

එතුමා විසින් පවත්වනු ලබන වැඩසටහන්වලට සහභාගි වන දහස් සංඛ්‍යාත පිරිසකට ඉතා දයාබර මිත්‍රයෙකු මෙන්ම කැපී පෙනෙන දහම් ශාස්තෘවරයෙකු වූ බැවින් තවමත් ඔහුගේ වැඩසටහන්වලට සහභාගී නොවන තවත් බොහෝ දෙනෙකුට සහ උපදේශන අවශ්‍යතා ඇති අය සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. නිළඹේ ඉගැන්වීමට අමතරව, බන්ධනාගාර, පාසල්, ආරාම, පෞද්ගලික නිවාස යනාදී වැඩසටහන් පවත්වයි. හොංකොං, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ ස්වීඩනය යන රටවල භාවනා ක්‍රම පැවැත්වීම සඳහා ඔහුට නිතර ආරාධනා ලැබේ. බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව, භාවනාව ප්‍රගුණ කිරීම අපගේ එදිනෙදා කටයුතු පිළිබඳව වඩ වඩාත් සිහියෙන් සිටින බැවින් අපටම උපකාර කිරීමටත්, අපව අවබෝධ කර ගැනීමටත්, අපව වඩා හොඳින් වෙනස් කර ගැනීමටත් මාර්ගය සකස් කරයි. එපමණක් නොව, අපගේ හදවතට කථා කිරීමට ගුරුතුමන්ට විශිෂ්ට හැකියාව සහ ධර්මය ඉදිරිපත් කිරීමේ ප්‍රායෝගික හා දාර්ශනික ක්‍රමයට අපට සරලව අවබෝධ වන ලෙස භාවනාව පුරුදු කිරීමට ඉමහත් හැකියාවක් ඇත.

ගුරුතුමන්ව සම්බන්ධ කරගත හැකි ක්‍රම

  • මධ්‍යස්ථානයේ ලිපිනය: බෞද්ධ භාවනා මධ්‍යස්ථානය, නිල්ලඹ, ශ්‍රී ලංකාව
  • විද්‍යුත් තැපෑල : upulnilambe@yahoo.com
  • දුරකථනය / WhatsApp : +94 77 780 4555